22 November 2024


ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද



2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද (13) උදෑසන ආරම්භ වනවා.
 
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මධ්‍යස්ථාන 49කදී එම කටයුතු සිදුවන බවයි.

එමෙන්ම මධ්‍යස්ථාන 13314ක් සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය සිදුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
 
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයන් 8352ක් තරග වදින අතර ඉන් අපේක්ෂකයන් 5006ක් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී සිටිනවා.
 
එමෙන්ම තරග වදින ස්වාධීන අපේක්ෂකයන් ගණන 3346ක්.

මෙවර් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (14) උදෑසන 7.00ට ආරම්භ වනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 171,403,54ක්. 

(colombotimes.lk)