විදෙස් රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී තිබෙන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ සයිබර් අපරාධකරුවන් උත්සාහ කර ඇති බව පළමු අවස්ථාවේදී දැන ගැනීමට ලැබුණු බවයි.
අනතුරුව නිලධාරීන් විසින් ඉතාමත් කල්පනාකාරීව මේ පිළිබඳව සොයා බැලූ බවත් එහිදී වෙනත් රටකට ගෙවීමට තිබුණු වාරිකය පිළිබඳව නැත්නම් එම ලියකියවිලිවලට මැදිහත් වී ඇති බවට මතු වූ සැකය පිට තොරතුරු සොයා බැලීමේදී මෙයට හැකර්වරු සිටින බව දැනගන්නට ලැබුණු බව ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
