04 June 2026

logo

ත්‍රීරෝදයක් මතට ගසක් කඩා වැටෙයි - තිදෙනෙක් ජීවිතක්ෂයට



නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩා වැටී තිබෙනවා.

එම අනතුරෙන් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
පාසල් සිසුවෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වී තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

කෙසේවෙතත් අනතුරින් ත්‍රීරෝද රථ රියදුරා දිවි බේරාගැනීමට සමත්වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)