04 June 2026

logo

පැතුම්ගෙන් කුසල්ට නොදෙවෙනි ඉනිමක්



බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය මේ වන විට පැවත්වෙනවා.

 
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළා.
 
ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත්වුණා.
 
මෙය ඔහුගේ 19වන එක්දින අර්ධ ශතකය ලෙස වාර්තා අතරට එක්වුණා.
 
මේ අතර නායක කුසල් මෙන්ඩිස්ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට අර්ධ ශතකයක් ලබාගෙන නොදැවී පිටියේ සිටිනවා.

(Colombotimes.lk)