04 June 2026

logo

ඉන්දියාවේ දිල්ලි නුවර පුද්ගලයන් 21ක් ජීවිතක්ෂයට



ඉන්දියාවේ දිල්ලියේ මල්වියා නගර්හී හෝටලයක අද උදෑසන (03) ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස හටගත් ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයන් 21දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 
 
එමෙන්ම ඉන් 40කට වැඩි පිරිසක් බේරා ගැනීමට සමත් වී තිබෙනවා.
 
එලෙස මියගිය පුද්ගලයන්ගෙන් බහුතරක් විදේශීය ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
 
මියගිය පුද්ගලයන් අතරින් කිහිපදෙනෙක්ම ප්‍රධාන වශයෙන් මධ්‍යම ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් පැමිණි විදේශිකයන් බව එරට නිලධාරීන් පවසනවා.

(colombotimes.lk)