04 June 2026

logo

බස් අනතුරක් - 03දෙනෙක්ට තුවාල



මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අද (04) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදීයි. 

එම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.  

එම බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 20දෙනෙක් පමණ ගමන් කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ බස් රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී දඩල්ල ප්‍රදේශයේදී රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක මෙලෙස ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි. 

(colombotimes.lk)