04 June 2026

logo

ඖෂධ මිලත් ඉහළ යන ලකුණු



ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමඟ ඖෂධ මිල ගණන් ද ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
 
එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි. 

ඒ අනුව ආනයනික ඖෂධ සහ දේශීයව නිෂ්පාදනය කෙරෙන ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමට අවශ්‍ය මූලික කටයුතු ද සැලසුම් කර තිබෙනවා. 

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ ගැසට් පත්‍රයක් මඟින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60ට අදාළ මිල ගණන් ද ඉහළ දැමීම සිදු කිරීමට නියමිත බවයි. 

(colombotimes.lk)