කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (04) අලුයම සමත්වුණා.
Kingston ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් නායල ශේ හෝප් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී පැතුම් නිස්සංක පන්දු 103කින් ලකුණු 79ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 62කින් ලකුණු 72ක් රැස් කළා.
එමෙන්ම චරිත් අසලංක ලකුණු 45ක් සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත්වුණා.
මේ සමඟින් ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 262ක් පමණයි.
ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ලකුණු 41කින් ජයග්‍රහණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර ලකුණු 67කට කඩුලු 4ක් සහ මහීෂ් තීක්ෂන ලකුණු 26කට කඩුලු 2ක් ලබා ගත්තා.
තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමි වී තිබෙනවා.
(colombotimes.lk)