ඉරානය සමඟ සති 02ක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ සිය Truth Social ගිණුමේ සටහනක් තබමින්.
මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බවයි.
මෙය දෙපාර්ශවයටම බලපාන 'ද්විපාර්ශ්වික සටන් විරාමයක්' ලෙස හඳුන්වාදී තිබෙනවා.
මෙහිදී ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති 02ක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
