19 June 2026

logo

ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි අවවාදයක්



ඉරානය පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා ඉතා දැඩි ලෙස එකඟතාවයක් අපේක්ෂාවෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ පාර්ශ්වයන් තමා අමතමින් සාමූහික එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුම් දුන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ඉරානය කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් සන්තක කර නොගත යුතු බවයි.

එම කොන්දේසියට එකඟ නොවන්නේ නම් ඔවුන් සමඟ කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නොමැති බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)