ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලතින් ඇමරිකානුවන් පන්ලක්ෂ තිස්දහසක් වහාම රටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කියුබාව, හයිටිය, නිකරගුවාව සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයන්ගේ නීතිමය තත්ත්වය එලෙස අවලංගු වන බවයි.
සංක්‍රමණිකයන්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට ඇමරිකානු අනුග්‍රහයකයන් සිටී නම් තාවකාලික සංක්‍රමණ යටතේ වසර 02ක් රැඳී සිටීමට ඇමරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් 2022 වසරේදී අවසර ලබා දුන්නා.
ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඔහු ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම අවසරය අවලංගු කරන බවයි.
ඒ අනුව අදාළ රටවල වැසියන් අප්‍රේල් 24වනදා වන විට සම්පූර්ණයෙන්ම ඇමරිකාවෙන් ඉවත් විය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කර තිබෙනවා.
(colombotimes.lk)