01 March 2025


ට්‍රම්ප් යුරෝපා සංගමයටත් බදු පැනවීමට සැරසෙයි



යුරෝපා සංගමයට 25%ක තීරුබද්දක් පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඒ මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්.

යුරෝපා සංගමය ඇමරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගමය පවසා ඇත්තේ ඊට එරෙහිව කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි.

යුරෝපා සංගමය සෑම විටම යුරෝපීය ව්‍යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයන් අසාධාරණ තීරුබදුවලින් ආරක්ෂා කිරීමට කැපවන බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

(colombotimes.lk)