චීනය සමඟ වෙළෙඳ ගිවිසුමක් අනුගමනය කළහොත් කැනඩාවට 100%ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවට අනතුරු අඟවා තිබෙනවා.
ඒ සිය Truth Social හී සටහනක් තබමින්.
ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ගිවිසුම සම්බන්ධව සඳහන් කර ඇත්තේ එම ගිවිසුමෙන් තම රටට අනතුරක් විය හැකි බවයි..
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් කැනඩාව පණපිටින් අනුභව කරනු ඇති බවත් ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ ව්‍යූහය සහ සාමාන්‍ය ජිවන රටාව විනාශ කරනු ඇති බවත් පවසමින් අමෙරිකානු ජනාධිපතිවරයා කැනඩාවට අනතුරු අඟවා ඇති බවයි.
ඒ අනුව යම් හෙයකින් චීනය සමඟ කැනඩාව වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එක්සත් ජනපදයට පැමිණෙන සියලුම කැනේඩියානු භාණ්ඩ හා නිෂ්පාදන සඳහා 100%ක තීරුබදු පැනවීමට සිදුවනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social සටහනේ සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
