ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
ඒ දෙරට අතර පැවැති දෙවන තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් ක් පමණක් දැවී ලකුණු 189ක් රැස් කළා.
එංගලන්තය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අනතුරුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 17කදී හිමි වූ ඉලක්කය ලකුණු 168ක්.
එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී සිටියදී එම ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලියේ ජය තරගයක් ඉතිරිව තිබියදීම එංගලන්තය තමන් සතු කරගත්තා.
එමෙන්ම වසර 12කට පසුව එංගලන්ත කණ්ඩායමට එරෙහිව T20 ජයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුණා.
(colombotimes.lk)
