Twitter සමාගම විසින් පුද්ගලයෙකුට කියවිය හැකි දෛනික Twitter පණිවිඩ සංඛ්‍යාව සීමාකර තිබෙනවා.
එම සමාගමේ වත්මන් හිමිකාර Elon Musk ප්‍රකාශ කර ඇත්තේ, දත්ත වංචා වැළැක්වීමේ අරමුණින් තාවකාලික හදිසි පියවරක් ලෙස එම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව, සත්‍යාපනය කරන ලද මාසිකව ඩොලර් 08ක මුදලක් වැය වන ගිණුම් සඳහා දිනකට පණිවිඩ 8,000ක් කියවීමට අවස්ථාව ලැබෙනු ඇති.
සත්‍යාපනය නොකළ හෝ නොමිලේ ක්‍රියාත්මක ගිණුම් සඳහා දෛනිකව කියවිය හැක්කේ පණිවිඩ 800ක් පමණක් බවයි Musk සඳහන් කර ඇත්තේ.
නව සත්‍යාපනය නොකළ ගිණුමක් සඳහා දිනකට කියවිය හැකි පණිවිඩ සංඛ්‍යාව 400ට සීමාකර තිබෙනවා.
(colombotimes.lk)