13 January 2026

logo

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට



සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා. 

වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 120ක, සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 125ක, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 132ක මුදලකට මිලදී ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. 

එහෙත් ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම වැඩි දියුණු කිරීම සඳහා එම වී වර්ගවල අවම මිල ගණන් සංශෝධනය කිරීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.



(colombotimes.lk)