20 May 2026

logo

පාකිස්ථාන යුද නෞකා 02ක් කොළඹට



පාකිස්ථාන නාවික හමුදාවට අයත් 'PNS TAIMUR' සහ 'PNS ASLAT' යුද නෞකාවන් ඊයේ (12) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ සුහද සංචාරයක් සඳහායි.  

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගෙන තිබෙනවා. 

මෙලෙස කොළඹ වරායට පැමිණි 'PNS TAIMUR' නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නයිමට් සයීද් ඛාන් කටයුතු කරන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම 'PNS ASLAT' නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නදීර් මටීන් අෆ්රිඩි කටයුතු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළා. 

(colombotimes.lk)