සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සලිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳුගේ සමීපතමයන් දෙදෙනෙක් පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් දෙදෙනා පයාගල ප්‍රදේශයේ රහසිගතව රැඳී සිටිමින් අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව පයාගල නිර්මලවත්ත හා කුඹුරුගොඩ යන ප්‍රදේශයන්හී අද (21) අළුයම සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
