14 March 2025


අල්ලස් ගත් දෙදෙනෙක්ට වැඩ වරදියි



රජයේ රැකියා ලබාදෙන ලෙස පවසා පුද්ගලයන් සිව්දෙනේක්ගෙන් රුපියල් පන්ලක්ෂ පන්දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ ඔවුන් දෙදෙනාව කුට්ටිගල - පදලංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

පසුව සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙක් ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අනෙක් සැකකාරිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)