පෞද්ගලික බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (26) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ දඔුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේදීයි.
එම අනතුරින් පුද්ගලයින් 11දෙනෙක් තුවාල ලබා ඇති තුවාකරුවන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට හා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ පුද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර CTB බස් රථයේ රියදුරු පළාගොස් ඇති බවයි.
(colombotimes.lk)
