වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙක් අද (20) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.
එම සැකකරුවන් දෙදෙනා ඉන්දියාව වෙත පළාගොස් සිටි අතර ඔවුන්ට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තු නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබෙනවා.
එම සැකකරුවන් දෙදෙනා අතරින් එක් අයෙක් හම්බන්තොට ප්‍රදේශයේ 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ නැමති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නැමති පුද්ගලයෙක්.
(colombotimes.lk)