14 June 2026

logo

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව නිවේදනයක්



තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට පැ. කි. මී. (50 - 60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බැවින් නාවික සහ ධීවර ප්‍රජාවන් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 - 2.5) ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වළක්වමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා.

(colombotimes.lk)