14 June 2026

logo

මේ දිනවල ළමයින් අතර දරුණු රෝගයක්



මේ දිනවල ළමයින් අතර රෝග කිහිපයක් පැතිර යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥය වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ මේ පිළිබඳව දෙමව්පියන් විමසිලිමත් ව කටයුතු කළ යුතු අතර ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය, සහ මෙනින්ජයිටිස් නම් රෝග මේ වන විට ළමයින් අතර පැතිර යාමක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව දැනුවත්ව මෙම රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට පියවර ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)