වෙනත් පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 83ක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (08) ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකින් පසුව මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වත්තල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් සහ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)