29 October 2025

logo

පුත්තලමේ වාඩියක සිටි පුද්ගලයන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි



පුත්තලම නාරක්කල්ලිය ප්‍රදේශයේ වාඩියක සිටි පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

ඒ යම් ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන්.

එම ස්ථානයේ පුද්ගලයන් සිව්දෙනෙක් සිට ඇති අතර මුහුදේ සිට පාවී ආ බෝතලයේ තිබූ ද්‍රාවණයක් මෙලෙස පානය කර තිබෙනවා. 

එම ද්‍රාවණය පානය කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන් අතරින් ඉතිරි තිදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. 

අනෙක් පුද්ගලයන් දෙදෙනා මේ වන විටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)