29 October 2025

logo

පියල් මනම්පේරි තවදුරටත් රිමාන්ඩ්



මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රාසායනික ද්‍රව්‍ය ළඟ තබා ගැනිමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ නඩුව අද (29) කැඳවා තිබෙනවා.

ඒ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.
 
එම නඩුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

පසුව ඔවුන් දෙදෙනාව නැවතත් එළඹෙන මස 12වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)