01 July 2025

logo

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අද සහ හෙට විශේෂ දින 02ක්



2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන විශේෂ දින දෙක අදින් (07) ආරම්භ වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ පසුගිය 30, 01 හා 04 යන දිනයන්වල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිවූ අය සඳහා එම විශේෂ දින දෙක යොදවා ඇති බවයි.

තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)