colombotimes.lk
සිංහල | English

18 October 2024


ශ්‍රී ලංකා ජයග්‍රහණය පිටුපස සුපිරි චරිත දෙකක් - සනත් හෙළි කරයි



ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

මෙම ජයග්‍රහණය පිටුපස බොහෝදෙනාගේ අවධානය යොමු වූ චරිතය බවට පත් වුණේ තාවකාලික පුහුණුකරු වූ සනත් ජයසූරියයි.

කෙසේ වෙතත් ඔහු සිය සමාජ මාධ්‍ය හරහා විශේෂ සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන් වන්නේ තරගාවලිය තුළදී කුමාර සංගක්කාර සහ ලසිත් මාලිංග දැක්වූ සහයෝගය අගය කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්යමණ්ඩලයට ලබා දුන් දායකත්වය මිල කළ නොහැකි බවයි කුමාර සංගක්කාරට සහ ලසිත් මාලිංගට ස්තූති කරමින් සනත් ජයසූරිය සඳහන් කර තිබුණේ.

වාර්තා වන ආකාරයට ඉන්දියාවට එරෙහි පැවති තරගවලට පෙර කුමාර සංගක්කාර සහ ලසිත් මාලිංග Zoom තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ සම්බන්ධ වීමෙන් ඔවුන් සමඟ තරගය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම, සැලසුම් සකස් කිරීම සහ ඔවුන්ව දිරි ගැන්වීම සිදු කර තිබෙනවා.



(colombotimes.lk)