රුපියල් දෙලක්ෂ පනස් දහසක පමණ වටිනාකමින් යුතු හෙරොයින් ග්‍රෑම් 100ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල නගරයේ බෙලිඅත්ත පාරේ පුද්ගලික රෝහලක් අසලදී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තංගල්ල කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ක් වන වැලිගම, පොතේගම සහ අහංගම මිදිගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.
(colombotimes.lk)