30 May 2026

logo

අපරාධ රැසකට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට



නිවෙස් බිඳ දේපළ සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (13) කිලිනොච්චිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ක් හා 25ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයින් දෙදෙනා දිවා කාලයේදී නිවෙස් බිඳ දේපළ හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධ 10කට පමණ අවශ්‍ය කර සිටි සැකකරුවන් වන බවයි.

එමෙන්ම සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා දේපළ පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මොවුන් විසින් උකස් මධ්‍යස්ථාන හා බැංකු වෙත උකස් කරන ලද ලක්ෂ 49ක් පමණ වටිනා රන් භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිතව ඇති බවද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

 (colombotimes.lk)