19 June 2026

logo

මාරක අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට



මෝටර් රථයක් පදික කාන්තාවන් දෙදෙනෙක්ගේ ගැටීමෙන් ඊයේ (06) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේදීයි.

එම අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය කාන්තාවන් වයස අවුරුදු 42 ක් හා 44ක් වන රනාල හා ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශ වල පදිංචිකාරිනියන් දෙදෙනෙක්.

පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්යෙන් සැකකාර රියදුරු සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමතින් සිට ඇති බවයි.

(colombotimes.lk)