ගණේමුල්ල පොලිස් වසමේදී පුද්ගලයෙක්ට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් දෙදෙනෙක් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කරන ලද විමර්ශනයකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17ක් සහ 20ක් වන කැන්දලියද්දපාලුව හා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.
අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී ඔවුන් කොල්ලකන ලද රන් භාණ්ඩ උණුකර සකස්කළ ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350ක් සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15ක් බර රන් කැබලි දෙකක්ද සොයාගත් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)