මේ වසරේ 9 වැනි සුළි කුණාටුව වන Saola ටයිෆූන්, දකුණු චීනයේ Guangdong පළාතට ඊයේ (02) අළුයම ඇතුළු වී තිබෙනවා.
ඒ හේතුවෙන් ජනාකීර්ණ පළාතක් වන Guangdong සිකුරාදා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර Saola සමීප වීමත් සමඟ ව්‍යාපාර, පාසල් සහ මූල්‍ය ආයතන ද වසා දැමීමට කටයුතු කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර් 200 කට වඩා (පැයට සැතපුම් 125) වැඩි වේගයකින් මෙම සුළඟ හමා යන බවයි.
එමෙන්ම 50Kg ට අඩු පුද්ගලයින්ට කුණාටුවේ බලපෑම් සහිත ප්‍රදේශ වල මාර්ග වල ගමන් නොකර නිවෙස් තුලම රැඳී සිටින ලෙස එරට රජය දැනුම් දෙනු ලැබුවා.
(Colombotimes.lk)
