11 July 2025

logo

එජාපය මහ මැතිවරණයට තරඟ කරන ලකුණ අනිද්දාට පෙර



ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණක් යටතේද යන්න අනිද්දාට පෙර ප්‍රකාශයට පත්කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී  සමගි ජන බලවේගය සමඟ සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සහ පක්ෂ මහලේකම් ධූරය පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

මහ මැතිවරණයට තරග කිරීමේදී තම පාර්ශවයට ජනාධිපතිවරණයේදී ලබා දුන් ගෑස් සිලින්ඩරය ලකුණ මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබාගත හැකිද යන්න විමසන බවත් එය ලැබුණහොත් එම ලකුණින්ම ඉදිරියට යාමට කටයුතු කරන බවද ඔහු පවසනවා.

(colombotimes.lk)