එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන USS කැන්බරා නෞකාව අද (12) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම නෞකාව මෙරටට පැමිණි 04වන එක්සත් ජනපද නාවික හමුදා ලිටොරල් කම්බැට් නෞකාව වන බවයි.
මීට පෙර USS ටල්සා, USS චාල්ස්ටන් සහ USS සැන්ටා බාර්බරා යන නෞකාවන් කොළඹට පැමිණ තිබෙන බව තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
(colombotimes.lk)
