රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා කමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක්, කරල් 21 ලෙස සකස් කර තම සිරුරෙහි සඟවා ගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙක් අද (12) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 47ක් වන උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවක්.
එමෙන්ම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සඳහන් කළේ මීට අමතරව අදාළ කාන්තාව තවත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි ලෙස සකස් කර ගිල දමා ඇති බවට සැක කරන බවයි.
(colombotimes.lk)
