සරසවි අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය නවතියිද? - විසඳුම් අද හෙටම



ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අනධ්‍යයන සේවකයින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළ කළ බවයි.
(colombotimes.lk)