17 December 2025

logo

දුරකථන අංකය Save නොකර WhatsApp පණිවිඩ යැවීමට අවස්ථාව



WhatsApp විසින් Unknown Numbers සඳහා පණිවිඩ යැවීමේ පහසුකම ලබාදී තිබෙනවා. 

මෙම පහසුකම Android සහ iOS දුරකථන සඳහා ලබාදෙන බවයි වාර්තා වන්නේ. 
 
ඒ අනුව Contact List එකට අනවශ්‍ය පුද්ගලයින්ගේ දුරකථන අංක ඇතුලත් නොකර පණිවිඩය පමණක් මේ හරහා යැවිය හැකියි. 
 
එම පහසුකම ලබා ගන්නා අයුරු පහතින්., 
1) WhatsApp search box එකේ “You” තෝරා ගන්න. 
2) එයට පණිවිඩය යැවීමට අවශ්‍ය දුරකථන අංකය ඇතුලත් කරන්න. 
3) ඉන් අනතුරුව “Chat with (Phone number)” option තෝරා ගන්න. 
4) අදාළ පණිවිඩය Type කර Send කරන්න.
(colombotimes.lk)