11 July 2025

logo

වැට් බද්දට එකතු කරන අලුත් දේවල් ගැන හර්ෂ ද සිල්වා හෙළිකරයි



මින් පෙර බදු අය නොකළ භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) පැනවීමට රජය යෝජනා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරනවා.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, 2024 අයවැය මඟින් එකතු කළ අගය මත බද්ද 15-18% දක්වා වැඩි කිරීමට යෝජනා වූ බවයි.

ඒ අනුව ජංගම දුරකථන, පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි මින් පෙර බදු අය නොකළ භාණ්ඩ 100ක් සඳහා වැට් බද්ද පනවන බවයි ඔහු පැවසුවේ.

මීට අමතරව ඉන්ධන, ගෑස් සහ පොහොර සඳහා ද වැට් බද්ද පනවන බව හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.

සියලුම වෛද්‍ය උපකරණ, තේ දළු, රබර් සහ කිරි වැනි තවත් අයිතම කිහිපයක් සඳහා ද වැට් බද්ද පැනවීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාවේදී මේ කිසිවක් සඳහන් නොකළ බව ද හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කළා.

ඒ අනුව වැට් බද්ද පැනවීම සහ මුදල් අයකර ගැනීම් සිදුකරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවයි ඔහු පැවසුවේ.
(colombotimes.lk)