ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කළද විදුලි ගාස්තු ඇතුළු අංශ කිහිපයකට එය බල නොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ ලෝක බැංකු ගිවිසුම්වලට අනුව රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැට් බද්ද ඒකාබද්ධ කළද එය තාවකාලික පියවරක් පමණක් බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බදු ජාලය පුළුල් කිරීමෙන් පසු ජනතාවට සහන ලබාදිය හැකි බවයි.
(colombotimes.lk)