01 July 2025

logo

වනිඳු යළි ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයට



නවතම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (13) නිවේදනය කළා.

එම ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයට පත්වීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

ඒ ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමත් සමඟයි.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 22ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව මතීෂ මේ වන විට එහි 31 වන ස්ථානයේ සමතැන් ගෙන රැදී සිටිනවා.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ නවතම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 4වන ස්ථානයට පත්ව තිබෙනේ එක් ස්ථානයක් පසුබසිමින්.

(colombotimes.lk)