වියට්නාම ජනාධිපතිවරයා එළඹෙන මැයි මස 07වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ දෙදින නිල සංචාරයක් සඳහායි.
ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ආරාධනාවකට අනුව ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔහු මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නායකයන් කිහිපදෙනෙක් සමඟ සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වියට්නාම ජනාධිපතිවරයා ලබන 8වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
