28 April 2025


ඊශ්‍රායලයේ සාත්තු සේවා සඳහා තවත් පිරිසකට වීසා



ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 58 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කර තිබෙනවා.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීයි.

අට දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ලබන 28 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඊශ්‍රායලයේ රැකියා සඳහා මේ වසරේ අප්‍රේල් වන විට පිටව ගිය ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් පිරිස 350ක් වනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 දී ඇතිකර ගත් ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිව තිබුණා.
(colombotimes.lk)