04 July 2025

logo

තායිලන්තයේ වීසා රහිත රැඳී සිටීමේ කාලය අඩු කරයි



ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා තායිලන්තයේ වීසා රහිත රැඳී සිටීමේ කාලය දින 30 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර එම කාලය දින 60ක් ලෙස පැවති බවයි වාර්තා වන්නේ.

තායිලන්තයේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය, නීති විරෝධී ව්‍යාපාරවල අවදානම මැඩපැවැත්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.

2024 ජූලි මාසයේ සිට එරට රජය රටවල් 93ක විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 60ක් දක්වා කාලයක් සංචාරක අරමුණු සඳහා තායිලන්තයට ඇතුළු වීමට අවසරදී තිබෙනවා.

 
(colombotimes.lk)