08 January 2026

logo

Wagner කණ්ඩායම ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි



රුසියානු කුලී හේවා කණ්ඩායම වන Wagner, එංගලන්ත රජය විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එයින් අදහස් වන්නේ එම සංවිධානයේ සාමාජිකයෙකු වීම හෝ සහයෝගය දැක්වීම නීති විරෝධී ක්‍රියාවක් වන බවයි.

මේ සම්බන්ධයෙන් වූ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට අමතරව එහි වත්කම් ත්‍රස්තවාදී දේපළ ලෙස වර්ගීකරණය කර රාජසන්තක කිරීමටද හැකියාව ඇති බව සඳහන්.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන අවස්ථාවේදී Wagner කණ්ඩායම එහි ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබෙනවා.

එමෙන්ම මෙම කණ්ඩායමේ ක්‍රියාකාරකම් සිරියාවේ, ලිබියාව සහ මාලි ඇතුළු අප්‍රිකාවේ රටවල ක්‍රියාත්මක වනවා.
(colombotimes.lk)