අද (01) රාත්‍රී 11 දක්වා වලංගු වන ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි.
එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
