20 May 2026

logo

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (22) නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව මධ්‍යම, වයඹ, උතුරු - මැද, දකුණ, ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සවස 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)