20 May 2026

logo

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු - මැද, දකුණ, ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල සවස 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)