19 May 2026

logo

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (19) පස්වරු 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



(colombotimes.lk)