04 June 2026

logo

තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් හරහා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වැඩි වන අතර එම ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාවක් පවතින බවයි.
 
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් මුහුදු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2-3)ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



(colombotimes.lk)